ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව හෙට ඇරඹෙයි
August 8, 2026 01:12 pm
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව හෙට (09) දින ආරම්භ කිරීමට නියමිතව බව එම සංගමය පවසයි.
දිවයිනේ වැඩිම ඛනිජ තෙල් බෙදුම්කරුවන් සංඛ්‍යාවක් බස්නාහිර පළාත නියෝජනය කරන බැවින් මෙම ශාඛාව කඩිනමින් පිහිටුවීම කටයුතු කළ බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටී.
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ පවසන්නේ තමා මුහුණ දෙන ගැටලුවලට මෙතෙක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් සාධාරණ විසඳුම් ලැබී නොමැති අතර, එම ගැටලුවලට විසඳුම් ලබා ගැනීමේ අරමුණින් මෙම සංගමය පිහිටවන බවය.
කුරුණෑගල සහ යාපනය යන දිස්ත්‍රික්ක හැරුණු විට අනෙකුත් සියලුම දිස්ත්‍රික්කයන්හි මේ වන විටත් මෙම සංගමයේ ප්‍රාදේශීය ශාඛා පිහිටුවා ඇත.
කෙසේවෙතත් ඉදිරියේදී එම දිස්ත්‍රික්ක ද්විත්වය ද කේන්ද්‍ර කරගනිමින් ශාඛා පිහිටුවීමට කටයුතු කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටී.
