තුවාල ලැබූ පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් 28ක් වැලිකඩ රෝහලට

තුවාල ලැබූ පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් 28ක් වැලිකඩ රෝහලට

August 7, 2026   06:08 pm

පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාව අතරතුර තුවාල ලැබූ රැඳවියන් 28 දෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

අද (07) උදෑසන මෙම බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් හටගත් අතර එය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය සහ ගුවන් හමුදාව කැඳවීමට පියවර ගැනුණි.

තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කිරීමට පියවර ගත් අතර පසුව බන්ධනාගාරයේ පාලනය නැවත බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතට ගැනීමටද ආරක්ෂක අංශ පියවර ගත්තේය.