අගෝස්තු මාසයේ ගෙවුණු දින 6ට ඩෙංගු රෝගීන් 3,175ක්
August 7, 2026 06:05 pm
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 88,522 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ වන විට ඩෙංගු රෝගයට ගොදුරුව දිවයින පුරා පුද්ගලයින් 63දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහි රෝගී මරණ අනුපාතය සියයට 0.07ක් ලෙස සටහන් වේ.
එමෙන්ම අගෝස්තු මාසයේ මුල් දින හය තුළ පමණක් රෝගීන් 3,175 දෙනෙකු වාර්තා වී ඇත.
ජූනි මාසයේදී රෝගීන් 21,533ක් සහ ජූලි මාසයේදී රෝගීන් 29,973ක් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කර සිටී.
සමස්ත රෝගීන්ගෙන් සියයට 52.96ක් එනම් 46,885දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර දෙවනුවට වැඩිම බලපෑමක් එල්ල වූ වී ඇත්තේ දකුණු පළාතට වේ.
දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එය රෝගීන් 18,832කි.
ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,568ක්ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,228ක්ද ලෙස ද වාර්තා වී ඇත.
එමෙන්ම තවදුරටත් දිවයින පුරා අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 119ක් හඳුනාගෙන ඇති බවද සඳහන්.
