ඉන්දු - ලංකා ටෙස්ට් තරග නොමිලේ නැරඹීමට අවස්ථාවක් 

ඉන්දු - ලංකා ටෙස්ට් තරග නොමිලේ නැරඹීමට අවස්ථාවක් 

August 7, 2026   05:51 pm

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරග නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. 

ඒ අනුව ලබන 15 වෙනිදා සිට 19 වෙනිදා දක්වා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 23 වෙනිදා සිට 27 වෙනිදා දක්වා SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ  4 වන ගේට්ටුව සහ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ 03, 04, 05 හා 07 යන ගේට්ටුවලින් ප්‍රේක්ෂකයින්ට නොමිලේ ඇතුළු විය හැකිය. 

මෙම ටෙස්ට් තරග දෙක පැවැත්වෙන්නේ, ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේය.