බන්ධනාගාර තත්ත්වයන් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් 

බන්ධනාගාර තත්ත්වයන් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් 

August 7, 2026   02:01 pm

බන්ධනාගාරයන් හී පවතින තත්ත්වයන් සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (07) පස්වරුවේ පැවැත්වෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ බන්ධනාගාර රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය කැපවෙමින් තත්ත්වයන් පාලනයට රජය උත්සාහ ගනිමින් සිටින බවය.

කෙසේ නමුත් මෙවැනි සිදුවීම් ජාතික ආරක්ෂාවට බලපෑමක් නොවන බවද පෙන්වා දුන් අමාත්‍යවරයා බන්ධනාගාරයේ මෙවැනි තත්ත්වයන් පාලනය කිරීම සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙලවල් කිහිපයක්ම මේ වන විටත් යෝජනා වී ඇති බවය.

ඒ අනුව මේ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

"අපි මේ රටේ සියලු ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙනවා. ඒ වගේම බන්ධනාගාර තුළ ඉන්න රැඳවියන්ගේත්, බන්ධනාගාරයට අදාළ සියලු නිලධාරීන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් කැපවෙමින් තමා මේවා යම්පාලනයකට ගැනීමට උත්සාහ කරමින් ඉන්නේ ඒ සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙලවල් කිහිපයක්ම යෝජනා වෙලා තිබෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය මේ වෙනකොට කමිටුවකුත් පත් කරලා තියෙනවා අධිකරණ ඇමතිතුමාගේ සභාපතිත්වයෙන්.  අද ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවකුත් කැඳවලා තිබෙනවා අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් ඒ නිසා වහා වහා කඩිනම් පියවර ගැනීමට කටයුතු කරනවා."