දිස්ත්රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ
August 7, 2026 11:49 am
දිස්ත්රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් යාවත්කාලීන කර තිබේ.
ඒ අනුව මහනුවර දිස්ත්රික්කයේ පස්බාගේ කෝරළය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර දෙක යටතේ අවදානයෙන් සිටින ලෙසට අනතුරු අඟවා ඇත.
නුවරඑළිය දිස්ත්රික්කයේ තලවාකැලේ, කොත්මලේ බටහිර, අඹගමුව, නුවරඑළිය, නෝර්වුඩ් සහ කොත්මලේ නැගෙනහිර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද එය බලාත්මකය.
කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට, බුලත්කොහුපිටිය, යටියන්තොට, දැරණියගල සහ අරණායක යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද අදියර දෙක යටතේ අවදානයෙන් සිටින ලෙසට අනතුරු අඟවා තිබේ.
මේ අතර මහනුවර දිස්ත්රික්කයේ දොළුව, පන්විල, මැදදුම්බර, උඩපළාත, ගඟ ඉහළ කෝරළය, උඩුදුම්බර සහ දෙල්තොට යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර, ඕපනායක සහ ඉඹුල්පේ යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර එක යටතේ විමසිලිමත්ව සිටීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
