දෙරණ සිග්නල් සරුංගල් සැණකෙළියේ සමාරම්භක උත්සවය ඇරඹේ
August 6, 2026 08:01 pm
දෙරණ සිග්නල් කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියේ සමාරම්භක උත්සවය තව සුළු මොහොතකින් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රෙය්දී මේ වනවිට ආරම්භ වී තිබේ.
6 වැනි දෙරණ සිග්නල් කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය අගෝස්තු 9 වැනිදා ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට මේවනවිට සියලු කටයුතු සූදානම් කර තිබේ.
ඊට සහභාගි වීම සඳහා රටවල් 30ක ජාත්‍යන්තර සරුංගල් ශිල්පීන් 80 දෙනෙකු දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ අවසන්ය.
එම සරුංගල් ශිල්පීන් ඊයේ මහනුවර නගරය වෙත රැගෙන ගියේ මෙරට අනන්‍යතාව, සංස්කෘතිය මෙන්ම සුන්දරත්වය අත්විඳින්නට ඔවුන්ට අවස්ථාව සලසාදෙමින්ය.
එහිදී ශ්‍රී දළදා මාලිගාව වැඳපුදාගත් ඔවුන් ලෝක බෞද්ධ ඉතිහාස කෞතුකාගාරයද නැරඹුවේය.
