අනතුරට පත් යත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයින් 11දෙනාම බේරාගනී

අනතුරට පත් යත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයින් 11දෙනාම බේරාගනී

August 6, 2026   01:43 pm

ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඩෙල්ෆ් දූපත් අසල අනතුරට පත් වූ ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයින් 11 දෙනාම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරුපද්‍රතව බේරාගෙන තිබේ.

ඊයේ (05) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරට පත් ධීවරයින් බේරාගැනීම සඳහා නාවික හමුදාව වහාම ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළේය.

දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව අද (06) එම ධීවරයින් 11 දෙනාම ආරක්ෂිතව බේරාගෙන ඩෙල්ෆ් දූපත වෙත රැගෙනවිත් ඇති අතර, ඔවුන් සියලුදෙනා ආරක්ෂිතව ගොඩබිමට රැගෙනවිත් අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බව නාවික හමුදාව සඳහන් කළේය.

මේ අතර, මුහුදේ රළ පහර හේතුවෙන් වෙරළට ගසාගෙන ආ ඉන්දීය ධීවර යාත්‍රාව මයිලිඩ්ඩි ධීවර වරාය වෙත රැගෙන යාමට ද නාවික හමුදාව කටයුතු කරමින් සිටී.

බේරාගත් ඉන්දීය ධීවරයින් සම්බන්ධ වැඩිදුර කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සිදුකරමින් සිටිති.