හැටන් - කොළඹ මාර්ගයේ කොටසක් ගිලාබැසීමේ අවදානමක
August 6, 2026 10:14 am
අධික වර්ෂාවත් සමඟ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය වටවල රොසැල්ල ප්‍රදේශයෙන් ගිලාබැසීමේ අවදානමකට ලක්ව ඇතැයි නෝර්වුඩ් මහා මාර්ග කාර්යාලයේ විධායක ඉංජිනේරු ඒ.එම්. සාධික් මහතා පැවසීය.
ගිලාබැසීමේ අවධානමකට ලක් වී ඇති ස්ථානයේ රථවාහන ගමනාගමනය එක් මන්තිරුවකට සීමාකර ඇති බව සඳහන් වෙයි.
මේ අතර, පවත්නා දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් සිට කිතුල්ගල දක්වා රථවාහන ධාවනය කිරීමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස විධායක ඉංජිනේරුවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
