කොත්මලේ වාන් දොරටු ඇරෙයි - තත්පරයට ඝණ මීටර 130ක ශීඝ්‍රතාවයකින් ජලය නිදහස් කෙරේ
August 5, 2026 08:31 am
කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ වාන් දොරටු සහ මඩ සොරොව්ව අද (05) උදෑසන විවෘත කෙරුණි.
ඒ අනුව අතිරික්ත ජලය තත්පරයට ඝන මීටර 130ක පමණ ශීඝ්‍රතාවයකින් කොත්මලා ඔයට නිදහස් කිරීම ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කාර්යභාර ඉංජිනේරුවරයා පවසයි.
වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කොත්මලේ වේල්ලෙන් පහළ කොත්මලා ඔයෙහි නුගවෙල, රිවර්සයිඩ්, මාවතුර ප්‍රදේශ හා මහවැලි ගඟේ උලපනේ ප්‍රදේශයේ සිට ගම්පොළ, වැලිගල්ල, ගෙලිඔය, පේරාදෙණිය, කටුගස්තොට හා පොල්ගොල්ල දක්වා ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවිමේ අවදානමක් පවතින බවද ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නිවේදනය කරයි.
මේ පිළිබඳව අදාළ ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් සිට ජීවිත හා දේපොළ ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය දැනුම් දෙයි.
තවද ජලාශයට ලැබෙන ජල ශීඝ්‍රතාවය අනුව ජලාශයෙන් නිදහස් කරන ජල ශීඝ්‍රතාවයන් වෙනස් විය හැකි බවද අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් දන්වා තිබේ.
