කැලණි සහ කළු ගංඟා සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවතට

කැලණි සහ කළු ගංඟා සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවතට

August 4, 2026   05:29 pm

කැලණි සහ කළු ගංඟා ද්‍රෝණි සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනය ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (04) පියවර ගෙන තිබේ.

ඊයේ (03) පස්වරු 1.30ට කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුර තත්ත්වයක් ද පස්වරු 02.00ට කළු ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් සහ පස්වරු 3.30ට කැලණි ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් සම්බන්ධවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කළේය. 

කෙසේ නමුත් මේ වන විට ගංගාවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බැවින් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කිරීමට පියවර ගන්නා බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දිවයින පුරා වර්ෂාපතන තත්ත්වයේ සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් සහ ගංගාවල ජල මට්ටම්වල සිදුවන වෙසන්කම් සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය නිරන්තර අවධානයෙන් පසුවන බව පෙන්වා දුන් එම දෙපාර්තමේන්තුව ගංවතුර තත්ත්වයක් ඇතිවන්නේ නම් ඒ සම්බන්ධයෙන් පූර්ව දැනුම්දීමක් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද සඳහන් කර තිබේ.