සැප්තැම්බර් සිට කොළඹට අලුත් Metro බස් රථ සේවාවක්
August 4, 2026 04:48 pm
ලබන සැප්තැම්බර් මාසයේ සිට කොළඹ නගරයේ තෝරාගත් මාර්ග කිහිපයක් ආවරණය වන පරිදි 'Metro' බස් රථ සේවාවක් නිල වශයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
කොළඹ නගරයට පැමිණෙන පුද්ගලික වාහන සංඛ්‍යාව අවම කරමින් මගී ජනතාවට කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී ඇති බව සඳහන්.
මගීන්ට පහසුවෙන් හඳුනාගත හැකි වන පරිදි 'CM' කේතය සහ සුවිශේෂී වර්ණ සංකේත භාවිත කරමින් මෙම නව මාර්ග පද්ධතිය හඳුන්වා දී ඇත.
CM 01 (නිල් පාට මාර්ගය): මාකුඹුර සිට පන්නිපිටිය, රාජගිරිය සහ බොරැල්ල හරහා පිටකොටුව දක්වා.
CM 02 (කහ පාට මාර්ගය): මිල්ලෙනියම් සිටි සිට අතුරුගිරිය, මාලඹේ සහ බොරැල්ල හරහා පිටකොටුව දක්වා.
CM 03: (ඉන්ඩිගෝ පාට මාර්ගය) කඩවත සිට මාකුඹුර දක්වා
CM 04 (තැඹිලි පාට මාර්ගය): දෙමටගොඩ සිට පානදුර දක්වා.
CM 05 (දම් පාට මාර්ගය): බත්තරමුල්ල සිට ඒකල දක්වා.
CM 06 (ලා කොළ පාට මාර්ගය): කොල්ලුපිටිය වටරවුම් මාර්ගය
CM 08 (තද කොළ පාට මාර්ගය): කැස්බෑව සිට පිටකොටුව දක්වා
නව ඩිජිටල් පද්ධතියක් හරහා බස් රථ සහ රියදුරන් සම්බන්ධ කරමින් නියමිත වේලාවටම මගී සේවාවන් පවත්වාගෙන යාමට ද මෙහිදී සැලසුම් කර ඇත.
