සැඩ පහරට හසුවු ලංගමය තරුණයින් පිරිසක් බේරාගනී
August 4, 2026 10:23 am
අඹගමුවේදී සැඩ පහරට හසු වූ ලංගම බස් රථය තරුණයින් පිරිසක් එක්ව බේරා ගෙන තිබේ.
නාවලපිටිය ප්‍රදේශයට ඊයේ (03) දින පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ගිනිගත්හේන -නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේන් අඹගමුඔය පිටාර ගැලීම හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවුණි.
එම අවස්ථාවේ ගිනිගත්හේන සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මගීන් සමග සැඩ පහරට හසු වී අනතුරට පත් වී සිටියදී අඹගමුව ප්‍රදේශයේ තරුණ පිරිස් විසින් පවතින අවදානමද නොතකා මෙහෙයුමක් දියත් කර තිබුණි.
ඔවුන් ලොරි රථයක් බස් රථය ආසන්නයට රැගෙන ගොස් බසයේ සිටි පිරිස මුදාගෙන පසුව කැබ් රථයක් ආධාරයෙන් බස් රථය ද මුදාගැනීමට සමත්වුණි.
