වටවල දුම්රිය ස්ථානයට පස් කන්දක් කඩා වැටෙයි
August 3, 2026 04:58 pm
වටවල ප්‍රදේශයට ඇඳහැළුණු අධික වර්ෂාවත් සමඟ වටවල දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානය පිටුපස තිබූ පස් කන්දක් කඩා වැටීමෙන් එම දුම්රිය ස්ථානය දැඩි අලාභ හානි සිදු වී ඇත.
අද (03) දින පස්වරු 2ට පමණ පස් කන්ද කඩා වැටුණු බවත්, පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ එහි එක් සේවකයෙකු සිට ඇති බවත්, ඔහුට සුළු තුවාල සිදු වී ඇති බවයි වටවල පොලීසිය පවසයි.
මේ අතර, හැටන් ඔය පිටාර ගැලීම නිසා වටවල ඥානානන්ද ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සැඩපහරට හසු වී ගසා ගෙන ගොස් ඇති බවත්, ඔහු සෙවිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව වටවල පොලීසිය පවසයි.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල දින 3ක් තිස්සේ ඇඳහැළෙන වර්ෂාව සමඟ හැටන් සිට ගිනිගත්හේන දක්වා අද (03) ස්ථාන 5කින් ප්‍රධාන මාර්ගයට විශාල පස් කදු කඩා වැටී ඇති බව නෝර්වුඩ් විධායක ඉංජිනේරු ඒ.එම්.සාධික් මහතා පවසයි.
