ආපදාවට පත් ජීවිත වෙනුවෙන් යළි පෙරට ආ රණවිරුවෝ
August 3, 2026 03:54 pm
කොටගල සහ ගිනිගත්හේන බ්ලැක්වෝටර් ප්‍රදේශවල හටගත් ජලගැල්ම හේතුවෙන් පීඩාවට පත් ජනතාව අද (03) දින පස්වරුවේ යුද හමුදා භට පිරිස් විසින් සාර්ථකව මුදාගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.
හැටන් සිට නාවලපිටිය දක්වා ගලා බසින හැටන් ඔය පිටාර ගැලීම හේතුවෙන් ගිනිගත්හේන බ්ලැක්වෝටර් ප්‍රදේශයේ වතු නිවාස පෙළක් ජලයෙන් යටවීම සිදුවිය.
එහි ප්‍රතිඵලයක් ලෙස අවදානමට ලක්වූ පවුල් 24ක් මෙලෙස යුද හමුදා භට පිරිස් විසින් ආරක්ෂිතව මුදාගෙන ඇත.
මුදාගත් ප්‍රදේශ:
ගිනිගත්හේන බ්ලැක්වෝටර් වතුයාය
හැටන් කොටගල කොමර්ෂල් වතුයාය
ලොග්හිල් වතුයාය
මේෆීල්ඩ් වතුයාය
ඉහත සඳහන් වතුයායන්හි ජලගැල්මට හසුවී සිටි වතු ජනතාව ඇතුළු පිරිස මෙලෙස මුදාගෙන ඇත්තේ කොටගල 56 වන බල සේනා මූලස්ථානයේ භට පිරිස්වල කඩිනම් මැදිහත්වීමෙනි.
