රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර අවදානමක්
August 3, 2026 02:13 pm
කළු ගඟ ද්‍රෝණියට මේ වන විට ලැබී ඇති අධික වර්ෂාපතනය සහ වාරි මාර්ග දෙපාර්තමේන්තු ජල මාපක දත්ත විශ්ලේෂණය මත රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබේ.
වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ මෙම නිවේදනයට අනුව, කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශ මෙලෙස අවදානමට ලක්විය හැකිය.
අවදානමට ලක්විය හැකි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ:
පැල්මඩුල්ල
නිවිතිගල
රත්නපුර
කුරුවිට
අයගම
ඇලපාත
මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන්, එම මාර්ගවල ගමන් ගන්නා රියදුරන් සහ මගීන්ගෙන් ඉල්ලා සිටී. මෙන්ම, මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙත ද දන්වා ඇත.
