නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට වැසෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට වැසෙයි

August 3, 2026   02:09 pm

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට (04) වසා තබන බව නුවරඑළිය අධ්‍යාපන කොට්ඨාස අධ්‍යක්ෂවරයා පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයට මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණය හමුවේ හෙට දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම අධ්‍යාපන කලාපවලට නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා උපදෙස් ලබා දුන් බව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ D.M.S.D. දිසානායක මහතා කියා සිටියි.

මේ අනුව නුවරඑළිය, හැටන්, වලපනේ, කොත්මලේ, හගුරන්කෙත යන කලාප කාර්යාලවලට මෙසේ නිවුඩා ලබා දුන් බව අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසීය.්‍

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පෞද්ගලික පාසල්ද හෙට දිනයේ වසා තබන බව සඳහන් වෙයි.