ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් නිවාස 40ක් ජලයෙන් යටවෙයි
August 3, 2026 10:42 am
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇඳහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යට වී ඇත.
එම නිවාසවල පදිංචිකරුවන් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති අතර, තවදුරටත් ඇඳහැළෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගවල රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.
එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදි සැළකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
