කේරළ ගංජා තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ඒමට තැත්කළ තිදෙනෙකු ඉන්දියාවේ දී කොටුවෙයි

කේරළ ගංජා තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ඒමට තැත්කළ තිදෙනෙකු ඉන්දියාවේ දී කොටුවෙයි

August 1, 2026   02:15 pm

නීතිවිරෝධීව මෙරටට කේරළ ගංජා තොගයක් රැගෙන ඒමට උත්සහ කළ පුද්ගලයින් තිදෙනෙකු ඉන්දියාවේ රාමනාදපුරම් හීදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුදු මාර්ගයෙන් ජාවාරම් කිරීමට සැලසුම් කර තිබූ ගංජා කිලෝග්‍රෑම් 292ක තොගයක් එහිදී පොලිස් භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එරට පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම කේරළ ගංජා තොගය වෙරළ තීරය වෙත රැගෙන යාමට සූදානම් කර තිබියදී සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම ගංජා තොගය ශ්‍රී ලංකාවට රැගෙන යාමට සැලසුම් කර ඇති බවය.