මිරිස්සේ වෙඩි තැබීමක්
July 31, 2026 09:09 pm
මිරිස්ස ප්‍රදේශයේදී අද (31) සිදුවූ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලිසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම වෙඩි තැබීම සඳහා 'රිවෝල්වර' වර්ගයේ ගිනි අවියක් භාවිතා කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
