ලොව මෙතෙක් නිර්මාණය කළ විශාලතම විවෘත මූලාශ්‍ර AI ආකෘතිය චීනයෙන් නොමිලේ

ලොව මෙතෙක් නිර්මාණය කළ විශාලතම විවෘත මූලාශ්‍ර AI ආකෘතිය චීනයෙන් නොමිලේ

July 31, 2026   04:00 pm

චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර මහා පරිමාණ ආකෘතියක් (Open-source large model) වන Kimi K3 පසුගිය 27 වැනිදා සිට පූර්ණ වශයෙන් ලොව පුරා මහජනතාවට විවෘත කිරීමට චීනයේ Moonshot AI සමාගම පියවර ගෙන ඇත. ‍

ලොව මෙතෙක් නිර්මාණය කළ විශාලතම විවෘත මූලාශ්‍ර AI ආකෘතිය වන එහි සමස්ත පරාමිතීන් ප්‍රමාණය ට්‍රිලියන 2.8කි. 

මෙම Kimi K3 ආකෘතිය, චීන Moonshot AI සමාගමේ ප්‍රමුඛත ම නිෂ්පාදනය වේ.

එමෙන්ම මෙම ආකෘතියට සම්පූර්ණ ආකෘති බර, තාක්ෂණික වාර්තා මෙන්ම ආකෘති පුහුණුව සඳහා සහාය වන මූලික තාක්ෂණ පහසුකම් තුනක් ද ඇතුළත් වීම විශේෂත්වයකි. 

ලොව පුරා කෘත්‍රිම බුද්ධි සංවර්ධකයින්ට එය නොමිලේ බාගත කර දේශීයව භාවිත කළ හැකිය. 

චීන මහා පරිමාණ AI ආකෘතියක් ලොවට විවෘත කළ පළමු අවස්ථාව මෙය නොවුන ද, ට්‍රිලියන 2.8ක පරාමිතීන් සහිත විශාල ආකෘතියක් ගෝලීයව පූර්ණ වශයෙන් විවෘත කළ පළමු අවස්ථාව මෙය වේ.

මෙම වසර ආරම්භයේ සිට චීනයේ කෘත්‍රිම බුද්ධි මහා පරිමාණ ආකෘති මූලාශ්‍ර විවෘත කිරීම් වේගවත් කර ඇති අතර මේ වනවිට එම කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ සමාගම් සිය ආකෘති මූලාශ්‍ර ද විවෘත කිරීමට කටයුතු කර ඇත.