කොවිඩ් 19 මූලාරම්භය සම්බන්ධයෙන් යළි අවධානයට - සෙනෙට් විමර්ශනය උණුසුම් වෙයි

කොවිඩ් 19 මූලාරම්භය සම්බන්ධයෙන් යළි අවධානයට - සෙනෙට් විමර්ශනය උණුසුම් වෙයි

July 30, 2026   02:14 pm

කොවිඩ් සමයේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බවටත් සත්‍ය තොරතුරු මහජනතාවගෙන් වසන් කළ බවට චෝදනා කරමිනුත් අමෙරිකාවේ හිටපු ප්‍රමුඛ සෞඛ්‍ය නිලධාරීවරයෙකු වන වෛද්‍ය ඇන්තනි ෆවුචි චෝදනා එල්ල කර තිබේ. 

ඒ අනුව කොවිඩ්-19 වෛරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් වෛද්‍ය ඇන්තනි ෆවුචිව අමෙරිකානු සෙනෙට් සභාව හමුවේ ප්‍රශ්න කිරීම් කර ඇත.

නමුත් ඔහු එම ප්‍රශ්නවලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ, මෙලෙස තමන්ගෙන් ප්‍රශ්න කරමින් ලබා දෙන පිළිතුරු පරස්පර විරෝධි වලට කරුණු දක්වමින්  බොරු චෝදනා මත තමන්ව වැරදි කරුවෙකු බවට පත් කිරීමට උත්සාහ කරන බවය.

මෙම විමර්ශනයට නායකත්වය දුන් රිපබ්ලිකාන් පක්ෂ සාමාජික සෙනෙට් සභික රැන්ඩ් පෝල් (Rand Paul) විසින් තමන්ට සිරදඬුවම් ලබාදීමේ අරමුණින් මෙම කමිටුව කැඳවා ඇති බවත්, ඔහු තමන්ට එරෙහිව පුද්ගලික වෛරයකින් කටයුතු කරන බවත් වෛද්‍ය ඇන්තනි ෆවුචි චෝදනා කරයි.

වසංගතය පිළිබඳ තොරතුරු මහජනතාවගෙන් සඟවා ඇති බවට සහ එහි අනතුරුදායක බව ගැන අසත්‍ය පැවසූ බවට රිපබ්ලිකන් පක්ෂය දිගු කලක් තිස්සේ වෛද්‍ය ඇන්තනි ෆවුචිට චෝදනා කරමින් සිටින අතර, ඔහු එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

කොවිඩ් වෛරසය චීනයේ වූහාන් විද්‍යාගාරයෙන් පිට වූ බව තමන් මුල සිටම පැවසූ බව පවසමින්, වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ෆවුචි "පිස්සෙකු" ලෙස හඳුන්වා ඇත.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොවිඩ් වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට පැතිරී යෑමේ ස්වභාවික මූලාරම්භය වඩාත් හොඳින් තහවුරු වී ඇති බවය.

කෙසේ වෙතත්, මෙම සතියේදී සෙනෙට් සභික රැන්ඩ් පෝල් විසින් ෆවුචිගේ වසංගත සමයේ දිනපොත් සටහන් කිහිපයක් මාධ්‍යට මුදාහැර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එහි සඳහන් පරිදි වෛරසයේ මූලාරම්භය ස්වභාවික ක්‍රමයකින් සිදුවූ බවට තමන් විශ්වාස කළද, විද්‍යාගාරයක්චන පිටවීමේ හැකියාව ගැනද ඔහු මුල් අවධියේදී විවෘත මනසකින් සිතා ඇති බව ඒවායින් අනාවරණය වන බව විදෙස් පුවත් වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් වෛද්‍ය ඇන්තනි ෆවුචිට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක බව වැඩිදුරටත් සඳහන් වේ.