ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

July 30, 2026   09:51 am

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ අනුව මේ දක්වා ඩෙංගු රෝගීන් 84,091ක් වාර්තා වී තිබේ.

‌ඩෙංගු මරණ ඊයේ (29) දිනය තුළ වාර්තා වී නොමැති අතර, මෙතෙක් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 61කි.

වැඩිම ‌ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 17,850කි.

දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම රෝගීන් සංඛ්‍යාව 16,716ක් ලෙසද සටහන් වී තිබේ.

මේ අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති පළාත් ලෙස බස්නාහිර පළාත තවදුරටත් පවතින අතර ඒ අනුව වසරේ මේ දක්වා බස්නාහිර පළාතෙන් වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 44,552 ක් ලෙස සටහන් වී ඇත.

දෙවැනියට දකුණු පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඒ අනුව එම පළාතෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 12,656කි.

මේ යටතේ දිවයින පුරා ඩෙංගු රෝගය පැතිර යමින් පවතින අවදියක අධි අවදානම් කළාප 175ක් පවතින බවද ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර තිබේ.