අත්අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු දෙදෙනාට ඇප

අත්අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු දෙදෙනාට ඇප

July 28, 2026   10:44 pm

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කාර්යාංශය විසින් අද (28) අත්අඩංගුවට ගනු ලැබූ දකුණු පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ‍ලේකම්වරු දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ 2019 වසරේ ආණ්ඩුකාරවරයාගේද අනුමැතියකින් තොරව නැවත ප්‍රසම්පාදන කටයුතු සිදුකර ගාල්ල වෙනත් පුද්ගලික ආයතනයකින් ඇඳි රහිත ප්ලාස්ටික් පුටු 408ක් මිලදී ගැනීමේ සිදුවීමක් සම්බන්ධවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයෙකු (මුදල්) සහ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයෙකු (සැලසුම් හා මෙහෙයුම්) ලෙස කටයුතු කළ පුද්ගලයින් දෙදෙනෙකි.