බ්‍රිස්බේන් දුම්රියකදී පුද්ගලයකුට බෝතලයකින් පහරදුන් ශ්‍රී ලාංකිකයෙකුට දින 89ක සිරදඬුවමක්
July 28, 2026 03:34 pm
ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ධාවනය වූ දුම්රියක් තුළදී නන්නාඳුනන පුද්ගලයෙකුගේ හිසට වීදුරු බෝතලයකින් පහර දුන් 22 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුට ඔස්ට්‍රේලියානු අධිකරණය විසින් මාස තුනකට අඩු සිරදඬුවමක් නියම කර තිබේ.
පසුගිය අප්‍රේල් 25වැනිදා මෙම සැකකරු සහ ඔහුගේ මිතුරෙකු විසින් දුම්රියේ තනිවම ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වටකර පහර දී ඇත.
එම පුද්ගලයා දුම්රියෙන් බැසයාමට උත්සාහ කළද ඔවුන් ඔහුව ඇදගෙන විත් නැවතත් මුහුණට සහ හිසට පහර දී තිබේ.
පසුව සැකකරු විසින් එම පුද්ගලයාගේ හිසට වීදුරු බෝතලයකින් පහර දී ඇති අතර, ඉන් ඔහු තුවාල ලබා ඇත.
සැකකරු අධිකරණයේදී ප්‍රකාශ කර ඇත්තේ තමා ස්වයං ආරක්ෂාව සඳහා එලෙස කළ බවයි.
නමුත් එම නඩුව විභාග කළ මහෙස්ත්‍රාත්වරිය එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ මෙය අහිංසක මිනිසෙකුට එල්ල කළ ඉතා දරුණු ප්‍රහාරයක් බවයි.
