දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට රජයේ අවධානය
July 28, 2026 06:54 am
දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව ඊට අදාළ පනත් කෙටුම්පතක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කර ඇති බව ද වාර්තා වේ.
නව දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ඊයේ (27) දිනයේ ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට යෝජනා කර ඇති අතර එමගින් නව සංශෝධන කිහිපයක් හදුන්වා දී ඇති බව වාර්තා වේ.
අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබේ.
