නාවික හමුදාපති හා විදේශ කටයුතු ඇමති අතර හමුවක්
July 27, 2026 10:02 pm
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් සිදුව තිබේ.
ඒ අද(27) විදේශ කටයුතු අමාත්‍යංශයේදීය.
මෙහිදී නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපති ලෙස පත්වීම සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමා විසින් නාවික හමුදාපති වෙත සුභාශිංසන පිරිනමා තිබේ.
එම නිල හමුවීම සනිටුහන් කරමින්, නාවික හමුදාපති විසින් ගරු අමාත්‍ය තුමා වෙත සමරු තිළිණයක් පිරිනැමීමද එහිදී සිදු කෙරිණි.
