හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත් ඇතුළු සැකකරුවන්ට ඇප

හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත් ඇතුළු සැකකරුවන්ට ඇප

July 27, 2026   11:18 am

මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ හිටපු අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් 5 දෙනා ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.

ඒ සැකකරුවන් අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එහිදී සැකකරුවන් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කර ඇත.

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 02ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයාගේ පුත් ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු පසුගිය 21 වැනිදා අත්අඩංගුව ගනු ලැබීය.