ගොතටුවේ දී බිහිසුණු අනතුරක්
July 27, 2026 11:04 am
ගොතටුව ප්‍රදේශයේ දී අද (27) පෙරවරුවේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබේ.
කොලොන්නාව දෙස සිට ගොතටුව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ රියදුරා වන අතර තවත් අයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොලොන්නාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
