තරුණියන් දෙදෙනෙකු හප්පා පලාගිය OIC අත්අඩංගුවට
July 26, 2026 12:52 pm
ස්ථාන දෙකකදී තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කර මෝටර් රථයෙන් පලායමින් සිටි හෝමාගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලීසිය පැවසීය.
හයිලෙවල් පාර, මීගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී සහ වටරැක 20 කණුව ආසන්නයේ දී ඊයේ (25) දින රාත්‍රී 11.30ත් 11.57ත් අතුතුරදී මෙම අනතුර දෙක සිදුකර ඇති බවද පොලීසිය සඳහන් කළේය.
සිදුකළ බීමත් පරීක්ෂාවේදී සැකකරු බීමත්ව රිය පදවා ඇති බවට අනාවරණය වී ඇතැයි ද පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු අද (26) හෝමගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
