නීතීවිරෝධීව මෙරටට ගෙන ආ බීඩිකොළ තොගයක් නාවික හමුදා භාරයට

නීතීවිරෝධීව මෙරටට ගෙන ආ බීඩිකොළ තොගයක් නාවික හමුදා භාරයට

July 26, 2026   09:36 am

නීතීවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කළ බීඩිකොළ තොගයක් සමග ලොරි රථයක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.

නාවික නෞකා තම්බපන්නි ආයතනය සහ නොරොච්චෝලේ පොලිසිය එක්ව පුත්තලම දළුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමේ දී මෙම බීඩිකොළ තොගය සොයාගෙන ඇත.

එම ලොරි රථය තුළ උර 20ක අසුරා තිබී බීඩිකොළ කිලෝ ග්‍රෑම් අටසියකට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ.

නාවික හමුදාව භාරයට ගත් එම බීඩිකොළ තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝලේ පොලීසිය වෙත භාරදී ඇත.