ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධුරය ප්‍රලාද් ජෝෂිට
July 25, 2026 08:51 pm
විභාග ප්‍රශ්න පත්‍ර හෙළිදරව් වීම් සම්බන්ධයෙන් පැන නැඟුණු විරෝධතා මැද ධර්මේන්ද්‍ර ප්‍රධාන් අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, ප්‍රලාද් ජෝෂි අධ්‍යාපන අමාත්‍යාවරයා ලෙස පත් කර තිබේ.
ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම පිළිගැනීමෙන් පසු ඉන්දීය ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මඟින් ප්‍රලාද් ජෝෂිගේ නව පත්කිරීම තහවුරු කර ඇත.
ප්‍රලාද් ජෝෂි ආහාර සහ පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි.
