ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයින් නවාතැන් ගෙන ඇතැයි පළවු පුවතට ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
July 25, 2026 07:48 pm
ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට මාධ්‍යවල පළව ඇති පුවත සම්බන්ධව ජනාධිපති මාධ්‍යඅංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් වන්නේ ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන නොමැති අතර එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවය.
2025 වර්ෂයේදී රට පුරා ඇති ජනාධිපති මන්දිරවල විවිධ පුද්ගලයන් 3089ක් නවාතැන් ගෙන ඇති බවට පුවතක් පල වූ අතර ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කළේය.
එමෙන්ම එම වසරේදී ජනාධිපති මන්දිර පරිශ්‍රවල පවතින වෙනත් ගොඩනැගිලිවල ආරක්ෂක අංශයේත්, මාධ්‍ය සහ අනෙකුත් අංශ වලත් නිලධාරීන් රාජකාරීමය අවශ්‍යතා වෙනුවෙන් විවිධ අවස්ථාවල නවාතැන් ගෙන ඇති බවත් සඳහන් කර ඇති ජනාධිපති මාධ්‍ය අංශය, එහෙත් මේ නිලධාරීන් කිසිවෙකු ජනාධිපති මන්දිරවල නවාතැන් ගෙන නොමැති බව එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
