අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 39.9 යි
July 25, 2026 07:27 pm
අද (25) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 39.9 ක් ලෙස වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දේපාර්තමේන්තුව පවසයි.
ත්‍රිකුණාමලය කාලගුණ මධ්‍යස්ථානයෙන් මෙලෙස අද දිනයේ ඉහළම උෂ්ණත්වය වාර්තා වී ඇති බව සඳහන් වේ.
දෙවැනියට වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ පොළොන්නරුව දිස්ක්රික්කයෙනි.
එම අගය වන්නේ සෙල්සියස් අංශක 38.6 කි.
එමෙන්ම සෙල්සියස් අංශක 37ට වැඩි උෂ්ණත්වයන් වාර්තා වී ඇති තවත් දිස්ත්‍රික්ක 3ක් ඇත.
ඒවා නම්,
වවුනියා- සෙල්සියස් අංශක 37.1යි
මොනරාගල - සෙල්සියස් අංශක 37.3යි
මුලතිව් - සෙල්සියස් අංශක 37.5යි
අද දහවල් කාලයේදී කාලගුණවිද්‍යා දේපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උපරිම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් පහත ඇති සිතියමේ දැක්වේ.

