ශිෂ්‍යත්ව විභාගය ගැන නිවේදනයක්

ශිෂ්‍යත්ව විභාගය ගැන නිවේදනයක්

July 23, 2026   08:35 pm

ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ගේ තොරතුරුවල සංශෝධන සිදු කිරීමට අවශ්‍ය නම්, අද (23) සිට අගෝස්තු 03 වන දින දක්වා මාර්ගගතව එම සංශෝධන සිදු කිරීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛන අදාළ පාසල් විසින් කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමු කර තිබේ.

එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරුවල යම් සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නම්, එම සංශෝධන අදාළ කාලසීමාව තුළ මාර්ගගතව සිදු කළ හැකිය.

ඒ අනුව, විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස “අපගේ සේවා” යටතේ ඇති “Exam Information Centre” වෙත පිවිසීමෙන් හෝ onlineexams.gov.lk වෙත පිවිසීමෙන් අදාළ සංශෝධන සිදු කළ හැකිය.

මේ අතර, 2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වන ඉරිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට නියමිතය.