23 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ අද ඇරඹෙයි
July 23, 2026 11:26 am
ලෝකයේ ඔලිම්පික් සහ ආසියානු ක්‍රීඩා උළෙලවලට පසුව පැවැත්වෙන විශාලතම ක්‍රීඩා උළෙලවන 23වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අද (23) ආරම්භ වෙයි.
23 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ අද සිට අගෝස්තු 02වැනිදා දක්වා පැවැත්වෙන්නේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හිදීයි.
2014 වසරෙන් පසුව ස්කොට්ලන්තය, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළක් සඳහා සත්කාරකත්වය ලබාදෙන දෙවන අවස්ථාව මෙයයි.
මෙවර තරගාවලිය සඳහා රටවල 74ක් සහභාගී වන අතර ක්‍රීඩක සංඛ්‍යාව 3,000කට ආසන්න සංඛ්‍යාවක් තරගාවලිය සඳහා එක්වෙනු ලබයි.
මෙවර තරගාවලියේ පිරිවැය සීමා කිරීම සඳහා ක්‍රීඩා ඉසව් ගණන 10ක් දක්වා අඩු කර ඇති අතර, ග්ලාස්ගෝ නගරයේ සැතපුම් 8ක සීමාවක් ඇතුළත පිහිටි ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණ 4කදී පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ පැවැත්වීමට සැලසුම් කර තිබේ.
23වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40ක් සහභාගීවන අතර ඔවුන් ක්‍රීඩා ඉසව් 7ක් නියෝජනය කිරීමට නියමිතයි.
