ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකු පත් කෙරේ

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකු පත් කෙරේ

July 22, 2026   02:19 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ආචාර්ය (ඉංජිනේරු) ආසිරි කරුණාවර්ධන මහතා පත් කර ඇත.

ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත ප්‍රදානය කරන ලදී.

ආසිරි කරුණාවර්ධන මහතා මීට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ  ජනරාල් ලෙසද කටයුතු කර තිබේ.