සුරේෂ් සලේගේ පෙත්සම කල් යයි

සුරේෂ් සලේගේ පෙත්සම කල් යයි

July 21, 2026   05:26 pm

පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ලබන 27 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

පෙත්සම අද (21) කැඳවූ අවස්ථාවේදී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සිය දේශන ඉදිරිපත් කිරීම අවසන් කර තිබේ.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම සලකා බැලීම මේ මස 27 වනදා දක්වා කල් තැබීමට නියම කළ අධිකරණය එදින නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය විසින් කරුණු දැක්වීමට නියමිතයි.