මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ

මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ

July 20, 2026   07:08 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස එන්. ආර්. අනීස් මහත්මිය පත් කරනු ලැබ තිබේ. 

එහි සෙසු සාමාජිකයන් ලෙස ජේ. එම්. සී. ජේ. විජේතුංග සහ කේ. කරුණාහරන් යන මහත්ම මහත්මීහු පත් කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් එම මහත්ම මහත්මීන් වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (20) පස්වරුවේ භාරදෙන ලදී.

මුදල් කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ ධුර කාලය අවසන් වීම මත පුරප්පාඩුව පැවති ධුර වෙනුවෙන් අදාළ පත්වීම් සිදුකර තිබේ.