රටම එකට ජාතික මෙහෙයුමෙන් 738දෙනෙකු අත්අඩංගුවට

රටම එකට ජාතික මෙහෙයුමෙන් 738දෙනෙකු අත්අඩංගුවට

July 19, 2026   02:05 pm

රටම එකට ජාතික මෙහෙයුම යටතේ ගත වූ දිනය තුළ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 738දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම වැටලීම්වලදී හෙරෝයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 675ක්, අයිස් කිලෝග්‍රෑම් 25යි ග්‍රෑම් 483ක්, කොකේන් කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 816ක් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සොයා ගත් බව පොලිසිය පැවසීය.

එහිදී සැකකරුවන් සිව් දෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර තවත් 07දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබා ගෙන ඇත.

මේ අතර මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ ගත වූ දිනයේ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 519දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඊයේ දිනයේදී පුද්ගලයින් 27,415දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී බීමත් රියදුරන් 112 දෙනෙකු සහ අපරීක්ෂාකාරීව රිය පැදවීම සම්බන්ධයෙන් සැකකරුවන් 136 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.