අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට
July 18, 2026 09:47 pm
update -
පානදුර, හිරණ ප්‍රදේශයේදී රුපියල් කෝටි 35කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18යි ග්‍රෑම් 716ක ප්‍රමාණයක් සමග 26 හැවිරිදි තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (18) පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම මත්ද්‍රව්‍ය තොගය ගමන්බෑග දෙකක අසුරා තිබියදී මෙලෙස සොයාගෙන ඇති අතර සැකකරු සන්තකයේ තිබී විද්‍යුත් තරාදියක් ද පොලිස් භාරයට ගැනුණි.
සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, මෙම මත්ද්‍රව්‍ය තොගය 'කුඩු සලිඳු' ලෙස හඳුන්වන සලිදු මල්ශික ගුණරත්න සහ පානදුර රන්දික නමැති සංවිධානාත්මක අපරාධකරුවන් විසින් දිවයින පුරා බෙදාහැරීමට සහ ජාවාරම් කිරීමට රැගෙනවිත් ඇති බවයි.
සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබන බව පොලීසිය පැවසුවේය.
-------------------------
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සමග පුද්ගලයෙකු හිරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි.
සිද්ධිය පිළිබඳව ඉදිරි විමර්ශන සිදු වෙමින් පවතී.
