දකුණු මෙක්සිකෝවට ප්‍රබල භූකම්පනයක්
July 17, 2026 10:06 pm
මෙක්සිකෝවේ දකුණු ප්‍රාන්තය වන චියාපාස් (Chiapas) වෙරළ ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.
මෙම භූකම්පනයේ බලපෑම ග්වාතමාලාව සහ එල් සැල්වදෝරය දක්වා දැනී තිබුණි.
භූකම්පනයෙන් අනතුරුව එහි කේන්ද්‍රස්ථානයේ සිට කිලෝමීටර් 300ක පමණ දුරකට සුනාමි රළ ඇතිවිය හැකි බවට අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය අනතුරු ඇඟවීමක් ද නිකුත්කර ඇත.
කෙසේවෙතත් මෙම භූකම්පනය හේතුවෙන් ජීවිත හානි හෝ විශාල දේපළ හානි කිසිවක් මේ දක්වා වාර්තා වී නොමැත.
