මාස 15කට පසු කොටස් වෙළඳපොළ අඩුම පිරිවැටුම අද වාර්තා කරයි
July 17, 2026 03:55 pm
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරිත්වය අද (17) පසුගිය මාස 15 තුළ සටහන් වූ අඩුම දෛනික පිරිවැටුම වාර්තා කර තිබේ.
ඒ අනුව ගනුදෙනු අවසානයේදී එහි පිරිවැටුම වාර්තා වී ඇත්තේ රුපියල් මිලියන 722ක් ලෙසය.
මෙම පිරිවැටුම පසුගිය අප්‍රේල් 17වැනිදායින් පසු වාර්තා වූ අඩුම දෛනික පිරිවැටුම ලෙස සැලකෙන අතර එදින වාර්තා වූයේ රුපියල් මිලියන 792ක පිරිවැටුමකි.
මේ අතර අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 42.16ක පමළ යාමක් වාර්තා කර ඇති අතර ගනුදෙනු අවසානයේදී එහි අගය ඒකක 21,405.41ක් ලෙසින් සටහන්ව තිබුණි.
