සටන් විරාම‍ කාලසීමාවේ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ 38ක් මියගිහින්

සටන් විරාම‍ කාලසීමාවේ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ 38ක් මියගිහින්

July 17, 2026   02:08 pm

සටන් විරාම කාලසීමාව තුළ දී අමෙරිකාව විසින් සිදුකළ ප්‍රහාරවලින් පුද්ගලයින් 38දෙනෙකු මියගොස් ඇති බව ඉරානය පවසයි.

එහිදි පුද්ගලයින් 400දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය ජුනි මස 22වනදා ස්විස්ටර්ලන්තයෙදී දින 60ක යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡා සදහා දෙපාර්ශවයම හමුවීමෙන් පසු අමෙරිකාව විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව සදහන් වේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය නාවික ගමනාගමනය සඳහා වසා දමා ඇති බැවින් මේ වන විට දෙපාර්ශ්වයේම සටන් විරාම ගිවිසුම් බිඳ වැටී තිබේ.

මේ අතර උතුරු ඉරාකයේ එර්බිල් නගරයට ඉහළින් අමෙරිකාව විසින් එල්ල කරන ලද ඩ්‍රෝන යාන 08ක් වෙඩි තබා බිම හෙළා ඇත.

එහිදි කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.