නිරිතදිග චීනයේ චොංකිං ප්‍රදේශයේ දරුණු නායයෑමක්
July 17, 2026 01:39 pm
නිරිතදිග චීනයේ චොංකිං ප්‍රදේශයේ මාර්ගයක කොටසක් අද (17) අලුයම මාර්ග කොටසක් නායයෑමකට ලක්ව තිබේ.
ඉන් ගොඩනැගිලි විශාල ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර එහි සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
පුද්ගලයින් නව දෙනෙකු බේරාගෙන රෝහල් ගත කර ඇති අතර සෙසු ප්‍රදේශවාසීන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව සඳහන්ය.
මේ වනවිට අදාළ ප්‍රදේශය සඳහා නිලධාරින් 206 දෙනෙකුගෙන් සමන්විත මුදාගැනීමේ කණ්ඩායමක් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.
