SDIG වරුණ ජයසුන්දර ළමා හා කාන්තා කාර්යාංශයට මාරු කෙරේ
July 17, 2026 09:31 am
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ස්ථාන මාරු කර තිබේ.
ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා මින් ඉදිරියට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි ඉටු කිරීමට නියමිතය.
