හදිසි ණය මුදලක් ගන්න ගිහින් අමාරුවේ වැටුණාද?
July 11, 2026 02:38 pm
හදිසි ණය මුදල් ලබාගැනීමට කටයුතු නොකරන ලෙසත් එම පණිවිඩ මගින් ලබාදෙන ලින්ක් ඩවුන්ලෝඩ් කරන්න නොගන්නා ලෙසත් පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම එම සංසදය වැඩිදුරටත් සඳහන් කරන්නේ යම් අයෙකු හෝ ආයතනයක් විසින් තමන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගෙන ඇති බවට හැගුණොත් 101 අමතා ඒ පිළිබඳව දැනුවත් කරන ලෙසය.
හදිසි ණය මුදලක් ලබා ගැනීමට හැකියාව තිබෙන බව සදහන් පණිවිඩ මේ වනවිට සමාජ ජාලවල විශාල වශයෙන් ප්‍රචාරය වේ.
මෙම පණිවිඩවල දැක්වෙන්නේ, ඇතැම් ආයතන රුපියල් 5000 සිට රුපියල් 150,000 දක්වා හදිසි ණය මුදල් ලබා දීමට සූදානම් බවය.
තවත් ආයතන රුපියල් ලක්ෂ 05 දක්වා ණය මුදල් ලබාදීමට සූදානම් බව ද එහි දැක් වේ.
''මේ ණය ලබාගැනීමට ලියකියවිලි අවශ්‍ය නැත. ඇපකරුවන් අවශ්‍ය නැත.'' යනුවෙන් ද එහි සඳහන්.
මේ වංචනික ආයතනවලට අවශ්‍ය ඔබගේ පුද්ගලික දත්ත සොරාගැනීමටය.
ඒ හරහා විවිධ වාසි ලබා ගන්නා ඔවුන්, ණය ලබා ගැනීම සදහා ලියකියවිලි අවශ්‍ය නොවන නමුත් එම ආයතන විසින් එවන link එක click කර තොරතුරු ඇතුලත් කිරීමට ණය අයදුම්කරුවාට පවසා සිටී.
ලින්ක් එක ක්ලික් කළ වහාම ඔවුන් වංචනිකයන්ට ගොවුරු වී අවසන්.
ලින්ක් එක හරහා ඔවුන් එවන්නේ Remote Administrative Tool හෙවත් RAT එකකි.
RAT ජංගම දුරකථනයට ඇතුල් වූ වහාම එහි පාලනය ඔවුන් අතට ගනු ලැබේ.
ජංගම දුරකතනයේ තිබෙන ඡායාරූප, ලේබන, හිතවතුන්ගේ තොරතුරු හා දුරකථන අංක ඇතුළු සියලූ තොරතුරුවලට ප්‍රවිෂ්ට වීමට ඔවුනට ඒ හරහා හැකියාව ලැබේ.
ඇතැම් විට .apk යෙදවුමක් ඇතුල් වුවහොත් තත්ත්වය ඊට වඩා බරපතළ විය හැකිය.
ණය මුදල ලබාදීමෙන් පසු එම වංචනිකයන් තව තවත් ණය ලබා ගැනීමට උනන්දු කරවන අතර එලෙස ආපසු ගෙවා ගත නොහැකි තරමට ණය මුදල වැඩි වූ පසු ඔවුන් වංචනිකයන්ට ගොදුරු වන්නට පටන් ගනි.
ගෙවිය යුතු පොලිය මෙන්ම ඉටුකළ යුතු කොන්දේසි ද දැඩි වන අතර මෙම කොන්දේසි ඉටු නොකරන ණයකරුවන්ට නොයෙකුත් අකටයුතුකම්වලට ලක් වීමට සිදු වේ.
තම හිතවතුන් හමුවේ ණයකරුවෙකු ලෙස චෝදනාවට ලක්වීමට මේ හරහා සිදුවන බවත්, පහසු ණය ගන්නට ගොස් අවසානයේ අතේ තියෙන මුදල ද ඔවුනට අහිමි වේ.
