යටියන්තොට කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාල පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
July 10, 2026 09:45 pm
යටියන්තොට, කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර හේතුවෙන් හෙට (11) රාත්‍රී කාලයේදී රථවාහන ගමනාගමනය සීමා කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරන්නේ මෙම පෙරහැර හෙට (11) රාත්‍රී 08:00ට ආරම්භ වී පසුදින අලුයම 01:00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිත බවය.
පෙරහැර කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලයෙන් ආරම්භ වී හැටන් - කොළඹ මාර්ගයේ කරවනැල්ල හන්දිය දක්වා ගමන් කර, එතැන් සිට කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ රුවන්වැල්ල වැන්ඳල විහාරස්ථානය අසලට පැමිණ නැවත දේවාලය වෙත ගමන් කිරීමට නියමිතව ඇත.
පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කරවනැල්ල සිට නවට හන්දිය දක්වා මාර්ගය භාවිතා කරන රියදුරන් සඳහා විකල්ප මාර්ග කිහිපයක් හඳුන්වා දී තිබේ.
විකල්ප මාර්ග
හැටන් දෙස සිට කොළඹ දෙසට ගමන් කරන වාහන සඳහා යටියන්තොට නගරයට ගමන් කර පාරුස්සැල්ල, පනාපිටිය මාර්ගයට පිවිස වරාවල හන්දිය දක්වා ගමන් කර වරාවල හන්දියෙන් වමට ඇති කෑගල්ල අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රුවන්වැල්ල නගරයට ගමන් කර රුවන්වැල්ල ඔරලෝසු කණුව අසලින් දකුණු පස නිට්ටඹුව මාර්ගයේ කොට්ටන් ගස් හන්දියට ගමන් කර මහදෙනිය හන්දියෙන් තල්දූව නගරයට පැමිණ ගමන් කර අවිස්සාවේල්ල නගරය හරහා කොළඹ දෙසට ගමන් කිරීමටත්, කැගල්ල දෙස සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කරන වාහන ඉහත පරිදි රුවන්වැල්ල නගරයට පැමිණ ඉහත මාර්ගයේ ගමන් කළ හැකිය.
කොළඹ දෙස සිට හැටන් දෙසට ගමන් කරන වාහන තල්දූව හන්දියෙන් වම් පසට ඇති අමිතිරිගල මාර්ගයේ ගමන් කර මහදෙනිය හන්දියෙන් කොට්ටන්ගස් හන්දියට පැමිණ රුවන්වැල්ල නගරයේ ඔර්ලෝසු කණුව අසලින් වමට හැරී වරාවල හන්දියෙන් දකුණු පසට ඇති බුලත්කොහුපිටිය මාර්ගයට ප්‍රවේෂ වී පාරුස්සැල්ල යටියන්තොට මාර්ගයෙන් යටියන්තොට නගරයට පිවිස හැටන් දෙසට ගමන් කල හැකිය.
කොළඹ දෙස සිට හැටන් දක්වා හා හැටන් දෙස සිට කොළඹ දක්වා ගමන් කරන ත්‍රිරෝද රථ හා යතුරු පැදි පමණක් යටියන්තොට ගරාගොඩ මාගම්මන මාර්ගය ඔස්සේ ගමන් කර කෑගල්ල අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට පිවිස ඉහත මාර්ග ඔස්සේ ගමන් කල හැකිය.
පෙරහැර හේතුවෙන් සිදුවන අපහසුතාවයන් මඟහරවා ගැනීම සඳහා මෙම විකල්ප මාර්ග භාවිතා කරමින් සහයෝගය දක්වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
2026.07.10 පැය 1900 යටියන්තොට - රථවාහන ගමනාගමනය සීමා කිරීම - by poornima
