කමේනි මිහිදන් කළ අවස්ථාව සහ ඔහුගේ සොහොන් බිම ඉරාන මාධ්‍ය ප්‍රකාශයට පත් කරයි
July 10, 2026 08:49 pm
ඉරාන ආධ්‍යාත්මික නායක වූ අයතුල්ලා කමේනි මිහිදන් කළ අවස්ථාව සහ ඔහුගේ සොහොන් බිම ඉරාන මාධ්‍ය ප්‍රකාශයට පත් කර තිබේ.
අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් හුවමාරු වෙමින් ඇති පසුබිමක වුව ද අයතුල්ලා අලි කමේනිගේ දේහය මිහිදන් කිරීම අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
සතියක් පැවති අවමංගල උත්සවයට මිලියන 43ක් සහභාගි වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් පැවති නෞකා වෙත පහරදීමත් සමග අමෙරිකාව සහ ඉරානය අතර යළි ගැටුම් මතු විය.
ගැටුම් මැද වුවත් ඉරානයේ හිටපු ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කමේනිගේ අවසන් කටයුතු ඊයේ (09) සිදු කෙරුණේ ෂියා මුස්ලිම්වරුන්ගේ අධ්‍යාත්මික අගනුවර ලෙස සැලකෙන, අලි කමේනි උපන් ඉරානයේ මෂාඩ් නුවරදීය.
කෙසේවෙතට් ඉරානයේ නව අධ්‍යාත්මික නායක ලෙස පත් කෙරුණු ඔහුගේ පුත් මොජ්ටබා කමේනි, සතියක් පුරා පැවති අවමංගල උත්සවයේ කිසිදු අවස්ථාවකට හෝ එක් වූයේ නැත.
නමුත් සිය අසහාය නායකයාට අවසන් බුහුමන් පිදිමට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මෂාඩ් වෙත පැමිණ සිටියේ එහි වීථි මුළුමනින් පුරවාලමිනි.
දශක හතරකට ආසන්න කාලයක් ඉරාන දේශපාලනයේ පෙරගමන්කරුවා වූ අලි කමේනිගේ දේහය, ඔහුගේ ජීවන ගමනේ අවසන් නවාතැන්පොළ වූ මෂාඩ් හි ඉමාම් රේසා පුදබිමේ මිහිදන් කෙරිණි.
