සුරේෂ් සලේගේ රිට් පෙත්සම  වැඩිදුර සලකා බැලීම 14වනදාට කල් දැමෙයි

සුරේෂ් සලේගේ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම 14වනදාට කල් දැමෙයි

July 10, 2026   02:13 pm

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (10) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුණි. 

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලීය. 

එහිදී පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබීය. 

ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන 14 වනදා දක්වා කල් දැමුණු අතර එදින ජනාධිපති නීතිඥවරයා විසින් වැඩිදුරටත් කරුණු දැක්වීමටද නියමිතය.